අපේ කතාවේ නම Operation Enduring Freedom. කලිනුත් කිව්වා වගේ, අපේ ඔපරේෂන් එකේ පරමාර්ථය තමයි ඇෆ්ඝනිස්තාන් වල සාමය ආරක්ෂා කරලා, පාසල් රෝහල් වගේ දේවල් ගොඩනගලා වැඩි දියුණු කරන එක. ඒත් එක්කම මානව අයිතිවාසිකම් ස්ථාපනය කරන එක. ඒ වගේම ඇෆ්ඝන් පොලිසියත් මිලිටරි එකටත් පුහුණු කරලා, අල්ල ගත්ත ප්‍රදේශ වල බලය බාර දෙන එක. ඒක ටිකක් අමාරු වැඩක්. මොකද මේක ඉස්ලාමික රටක්. ඒත් එක්කම අල්ක්වයිදා, තලෙයිබාන් වගේ සංවිදාන හරහට ඉන්නවා. අපිට කියන්නේ International Security Assistance Force (ISAF) කියලා. ඒත් මුළු ඔපරේෂන් එකම රන් කරන්නේ NATO එකෙන්. අපිත් එක්ක ඉන්නවා US, UK, Canada, Russia, France,Germany, Georgia, Poland වගේ ගොඩක් රටවල්. හැබැයි වැඩිම වගකීමක් දරන්නේ NATO, US Marine corps, US Army, Afghan National Army/Police, British Royal marinesලා. ඒත් එක්කම British SAS, Canadian Light infantry regiment, Joint Task Force 2, German KSK, Norwegian FSK, Australian SAS වගේ යුනිට්ස් ලොකු සහයක් දක්වනවා.
ගොඩක් අය හිතං හිටියට මෙතන ඉන්න අය මරන්නම බලං ඉන්න අය කියල, ඇත්තටම එහෙම නෑ. අපි ගාව ලොකු සිතියමක් තියෙනවා. තලෙයිබාන්, අල්කයිදා වගේ සංවිදාන වල කමාන්ඩ් එකේ. මේ වගේ. ඒවාට කියන්නේ Hight value targets කියලා. Hierarchy එකේ උඩට යන්න යන්න වටිනාකම වැඩි. උදාහරනෙකට ගත්තොත් අල්කයිඩා එකේ command hierarchy එකේ උඩින්ම හිටියේ උසාමා බින් ලාඩන් වගේ. උඩම ඉන්න අය තමයි අහිංසක ජීවිත දහස් ගානකට වග කියන්න ඕන අය. ඒත් එක්කම අනාගතේ ජීවිත ගානක් නැති කරන්න ප්ලෑන් ගහන්නෙත් උන්. ඉතිං අපි විශ්වාස කරන විදියට high value targets සිතියමෙන් අයින් කලාම ජීවිත ගානක් බේරෙනවයි කියල. එහෙම ටාගට් එකක් ඉන්න තැනක් හොයා ගත්තම අපිට ඕන නං මුළු පළාතටම බෝම්බ දාලා වැඩේ ක්ලෝස් කරන්න පුළුවන්. ඒත් එහෙම නෑ. තලෙයිබාන් එකෙත්, අපෙත් , සාමාන්‍ය මිනිස්සුන්ගෙත් අඩුම ජීවිත හානි ගණනකින් තමයි අපි කරන්නේ. ගොඩක් වෙලාවට මේ ටාගට්ස් ගැන තොරතුරු දෙන්නෙ CIA එකෙන් නැත්තං Afghan National Intelligence එකෙන්.
මෙහෙමයි. අපි ඉන්නෙ අපි දන්න අඳුරන රටක නෙමෙයිනේ. වැරද්දක් උනෙත් කිසි සමාවක් නෑ. ඉතිං ඔපරේෂන් එකකට කලින් සති ගානක ඉඳන් කට්ටිය ප්ලෑන් කරනවා. එතනිනුත් හොඳම ප්ලෑන් එක තෝර ගන්නවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. සමහර වෙලාවට සති ගණන්, මාස ගණන් නිදි මරාගෙන ප්ලෑන් කරනවා. බජට් බලලා, පාවිච්චි කරන වාහන, වෙපන්ස් එහෙම බලලා, අඩුම වියදමකින්, අඩුම ජීවිත හානි ගානකින් වැඩේ ඉවර කරන එක තමයි කරන්නේ. ඊටපස්සේ ඇෆ්ගන් ජනාදිපතිගෙන්, ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙන් අවසර ගන්නවා. ඉතිං ගොඩක් වෙලාවට ඔය දේවල් වෙනකොට ටාගට් එක තැන මාරු කරලා වෙන තැනකට ගිහින්..
Operations වර්ග ගොඩක් තියෙනවා. Patrol missions, Recon operations, Security operations, Combine arms breach,Capture or Kill, termination වගේ ගොඩක් දේවල්. පැට්‍රොල් මිෂන් වලදී කරන්නේ එක ප්‍රදේශයක් ආවරණය කරන එක. ඒක තමයි තියෙන එපාම කරපු වැඩේ. පයින් හරි වාහනේක හරි හැතැප්ම ගානක් ඔහේ කයියක් දාගෙන යන්න තියෙන්නෙ. සමහර වෙලාවට එකත් බෑ. පයින් යනකොට එක එකා අතර මීටර් 5ක් වත් තියෙන්න ඕන. අපිත් මුල් දවස්වල ඕවා කළා රෑන්ක් යන්න කලින්. :D Termination ඔපරේෂන් කියන්නේ අනිවාර්යයෙන් ටාගට් එක අඳුරගෙන නැති කරන එක. ගොඩක් වෙලාවට sniper ටීම් එකක් තමයි වැඩේ කරන්නේ. Capture or Kill ඔපරේෂන් එකකදී ටාගට් එක අල්ල ගන්න එක තමයි පරමාර්ථය. ඒත් බැරිම උනොත් නැති කරන්නත් අවසර තියෙනවා. Rescue/ Extraction missions වලදී බෙරාගනීමත්, මිෂන් වල ඉන්න යුනිට්ස් බේස් එකට අරන් එන එක කරන්නේ. මගේ යුනිට් එක ගොඩක් වෙලාවට යන්නෙ Cap or Kill මිෂන්ස් වලටයි rescue වලටයි. තව Supply, support, pursuit වගේ ගොඩක් වර්ග තියෙනවා. ඒත් එක්කම තියෙන යුද්ද වලට කියන්නේ Battles කියල. නගරයක්, ගමක් තලෙයිබාන් පාලනයෙන් මුදා ගන්න එක තමයි කරන්නේ. වැඩිම වියදමක්, ජීවිත ගණනක් නැති වෙන්නෙ battles වලදී.
මේ හැම ඔපරේෂන් එකක්ම යන්නෙ සම්මත යුද නීති වලට යටින්. හරියටම කිව්වොත් Standard rules of engagement. මේ නීති කඩන්න පුළුවන් තමන්ගේත්, තමන්ගේ යුනිට් එකේ ආරක්ෂාවට තර්ජනයක් වෙනවා නං විතරයි. ඔපරේෂන් එකකට කලින් briefing එකක් තියෙනවා. එතැනදී තමයි මිෂන් එක ගැන විස්තර, ප්ලෑන් එක, පාවිච්චි කරන උපකරණ වගේ දේවල් ගැන අදහස් හුවමාරු කරගන්නේ. ඒත් එක්කම එකේදී පාවිච්චි කරන radio codes දෙන්නෙ.
මගේ ටීම් එක යන ඔපරෙෂන්ස් වැඩියෙන්ම පටන් ගන්නේ කරුවල වෙලාවට. Night vision තමයි අපිට තියෙන ලොකුම වාසිය. උන්ට නොදනී උන් ළඟටම යන්න පුළුවන් ඒක නිසා. මගේ යුනිට් එකේ ඩියුටි එක තමයි Cap or kill එකකදී මුලින්ම ඇතුලට ගිහින් ටාගට් එක අඳුරගෙන ආයෙත් අරං එන එක. ඒක මනුස්සයෙක් හරි ෆයිල් එකක් හරි නැත්තං චූටි මෙමරි කාඩ් එකක් උනත් වෙන්න පුළුවන්. නැත්තං හිර වෙලා ඉන්න කෙනෙක් බේරගන්න වගේ දේවල්. Battle අපිට තියෙන්නෙ උඩ ඉඳන් බලං ඉන්න එක. ප්‍රශ්නයක් වෙලා කතා කලාම අපි ඇතුල් වෙලා, උදව් කරලා ආයෙත් එලියට එනවා. හරියටම කිව්වොත් අපේ කවුරු හරි එක තැනකට කොටු උනාම, නැත්තං චොපර් එකක් කඩන් වැටුන වෙලාවට, එහෙමත් නැත්තං ඔපරේෂන් එකට බාල්දියක් වැටුනම අපිට විනාඩි ගණනකින් ඇතුල් වෙලා ක්ලියර් කරලා දීල එලියට එන්න පුළුවන්. ඒවටත් penetration, infiltration, turning movement අරවද මේවද නම් ගොඩයි. ඕව කියන්න ගියොත් මේක අද ලියල ඉවර කරන්න වෙන්නේ නෑ...
ඉතිං සරලව ගත්තොත් ඔහොම තමයි මගේ යුනිට් එකට අදාළ මිෂන්ස් යන්නෙ. පේන විදියට, කියන විදියට වැඩේ කජු නෑ. ගොඩක් අමාරුයි. පොඩ්ඩ මිස් උනොත් කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ. කොච්චරද කියනවා නං 8දෙනෙක් හිටපු මගේ ටීම් එකේ මම අයින් වෙනකොට හිටියේ 7යි. මගේ සහෝදරයෝ වගේ හිටපු දෙන්නෙක් නැති උනා වෙන අයව බේරන්න ගිහින්. ඉතිං ඔහොමයි මෙහෙ ජීවිතේ...
මම විශ්වාස කරන විදියට මනුෂ්‍යත්වය තරං ලෝකේ සටන් කරන්න හොඳ හේතුවක් නෑ. ඒකට රට, ජාතිය, ආගම අදාළ නෑ. ඒකයි කොච්චර අමාරු උනත්, කොච්චර දේවල් නැති උනත් අන්තිමට සතුටු වෙන්න කියල දෙයක් තියෙන්නේ. මම ජීවිත ගානක් බේර ගන්න, හිත් ගානක් සතුටු කරන්න උදව් කළා කියන හැගීම තරං සතුටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. මම ඒ කවදාවත් නොදැකපු අය වෙන්න පුළුවන්. ඒත් මම දන්නවා මම නිසා අද කවුරු හරි කොහේ හරි හිනා වෙලා ඉන්නවා ඇති. ඉස්සරහටත් හිනා වෙලා ඉදියි. මට ඒ ඇති...
-Leut. Kettu Upalli, ISAF compound, Kandahar Airfield, Afghanistan.




No comments:
Post a Comment