Murad(මුරාඩ්)... තවත් එක අමතක නොවන චරිතයක්. අමුතුම ජාතියේ කැපී පෙනෙන චරිතයක් කිව්වොත් හරි. මට විතරක් නෙමෙයි. ගොඩක් දෙනෙක්ට එහෙමයි. මුරාඩ්ව හම්බ උනේ 2009යේ Operation Khanjar කාලේ. මම ගිය ලොකුම offensive operation එක. අපේ උන් 4200ක් විතර හිටියා. ඉතිං එක එක මතක ගොඩයි...
මුරාඩ් හිටියේ Mian Poshteh කියල ගමක. මෙහෙ තියෙන ලස්සනම පැත්තක්. වටේටම කොළ පාට. වතුර පාරවල්, දොළ පාරවල් එහෙම හැම තැනම වගේ තිබුනා. අපේ FOB කෑම්ප් එක තිබ්බෙත් ඒ වගේ දොළ පාරක් ගාව. බොරළු පාරවල්, ගස්, සත්තු හැමතැනම. පුදුම නිස්කලංකයි. ඒ දවස්වල ඒ පැති වල මිනිස්සු අපිත් එක්ක ටිකක් අවුල්. හිනා වෙන්නේවත් නෑ. පොඩි එවුනුත් අපිව දැක්කම හැංගෙනවා. ඉතින් අපි කලේ කෑම්ප් එකේ ඉඳන් තේ හදලා පොඩි එවුන්ගේ අතේ ගමේ මිනිස්සුන්ට බෙදන එක. තව රේඩියෝ, ටෝච්, සෙල්ලම් බඩු වගේ දේවලුත් බෙදුවා බටර් පාර ගාන්න...
ඉතිං ඕවට උදව් කරපු ඔය පොඩි එවුන් අතරෙන් එක්කෙනෙක් තමයි මුරාඩ්. මුරාඩ් ගේ තාත්තාව පොඩි කාලෙදිම තලෙයිබාන් එකෙන් මරලා. හෙතුව නං මතක නෑ. මුරාඩ් අම්මත් එක්ක හිටියේ. ජොබ් එක වෙලා තිබ්බේ සෙරෙප්පු හදන එක. අපි එහෙ කෑම්ප් එක හැදුවට පස්සේ මිනිහා සෙරෙප්පු රස්සාව අත ඇරලා අපේ කෑම්ප් එක ඇතුලේමයි. මුරාඩ්ට අපේ විශ්වාසය දිනාගන්න වැඩි කාලයක් ගියෙ නෑ. අන්තිමට අපි අපේ කන ට්‍රේ හෝදන එක, ammunition එහෙ මෙහෙ ගෙනියන එක, ටෙන්ට් සුද්ද කරගන්න එක වගේ දේවල් උට කියලා කරගත්තා. අම්මට දෙන්න කියල අපි සල්ලි, කෑම දුන්නට ඒ පොඩි එකාට කෑම වල ආසාවක් නැති උනත් සල්ලි වලටයි සිගරට් හෙන පෙරේතයි. ඒ වගේම කූල් වතුර බොන්න/ අයිස් කැට කන්න එහෙම ආසයි. ඒ පැතිවල ඉතිං ඒ වගේ ෆ්‍රිජ් එකක් දැකලවත් නැති එවුන් ඉන්නකොට ඒ දේවල් පුදුමයක් නෙමෙයි. මිනිහත් කූල් පෙප්සි කෑන් එකක් දෙනවා නං ඕන දෙයක් කරයි. අපි නං කූල් වතුර දීලා ඔලුව මසාජ් කරගත්තත් එක්ක.
මුරාඩ්ට තිබ්බේ අමුතු පෞරුෂයක්. මිනිස්සුන්ගේ හිත දිනාගන්න එක, ඕප දූප හොයන එක, ඔත්තු බලන එක වගේ දේවල් වලට ගැලපෙනම මිනිහා. ඒවටත් සැලකිලි තියෙනවා අපෙන් හොඳට. වයස 12ක් 13ක් වගේ උනාට ලොකු වගකීමක් දරන්න පුළුවන් ළමයෙක්. මුරාඩ්ගේ හීනෙ තමයි අම්මත් එක්ක කාබුල් ගිහිල්ලා කඩයක් පටන් ගන්න එක. පස්සේ ෆ්‍රිජ් එකක් ගන්න එක අපේ එවුන් ෆොටෝ පෙන්නලා ෆෝම් කලාට පස්සේ මිනිහට ඇමරිකාවට යන්නත් ඕන උනා.
අපිත් එක්ක හිටපු කාලේ මුරාඩ් ගොඩක් සතුටෙන් හිටියේ. අපේ එවුන් එක්ක කාඩ් ගහනවා. ඒ අස්සේ හොර කරනවා. සිගරට් බොනවා, අපේ එවුන් එක්ක දොළ පාරේ මාළු බානවා. හැබැයි කොච්චර එලියට හිනා වෙලා හිටියත් ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියාගෙන බයෙන් හිටපු කෙනෙක්. ඒ පැතිවල කප්පම් ගන්න කල්ලි වල ප්‍රදානම ටාගට් එකක් වෙලා තිබ්බේ මුරාඩ්ගේ ගෙදර. තාත්තත් නැති නිසා කෙලින්ම ගෙදරට ඇවිත් ගෙදර තියෙන දෙයක් අරං යනවලු. අපිට ඒ වගේ දේවල් වලට අත ගහන්න අවසර නැති නිසා අපිට කරන්න දෙයක් තිබ්බේ නෑ. අපි ගිහිල්ලා එතන කේස් එකක් ඇද්දොත් පස්සේ මුරාඩ්ට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබ්බ නිසා අපි සද්ද නැතුව අපේ පාඩුවේ හිටියා.
ඔහොම යද්දී තමයි සිද්දිය උනේ. මුරාඩුත් වෙනද වගේ අපේ කෑම්ප් එක ඇතුලේ කැරකි කැරකි හිටියා. මාත් ඇතුලේ සෙට් එකත් එක්ක කයිය දාගෙන හිටියේ. එක පාරටම එළියේ කලබලෙකුත් එක්ක කට්ටිය කෑගහනවා ඇහිලා අපි ඔක්කොම වෙපන්ස් අරගෙන එලියට දුවගෙන ගියා. අපි යනකොට අපේ එවුන් පාරේ. පාර පුරා හරක්, බැටළුවෝ. වෙන්නේ මොකද කියල හිතා ගන්න බෑ. බලනකොට මුරාඩ් පාර මැද්දේ handgun (9mm පිස්තෝල කියන්නේ) එකක් අරගෙන වයසක මිනිහෙක්ගේ ඔලුවට දික් කරගෙන ඉන්නවා. අපේ එවුන් ඔක්කොම මුරාඩ්ගේ පැත්තට තුවක්කු දික් කරගෙන කෑ ගහනවා..
" Drop it Murad....!!! Drop the Gun..!!! DROP IIIITTTT..!!! PUT THE GUN DOWN BOY..!!! I swear I will shoot..!! Dont make me do this..!!! MURAADD...!!!Drop the F#@king gun man...!!! DROP..!! DROP..!! DROP IIITT..!!" හැමෝම එක පොදියට කෑ ගහනවා. එතන එක කාල ගොට්ටියයි. මුරාඩුත් ඒ කිසිදෙයක් ගණන් නොගෙන ඇස දෙකේ කඳුළු පුරෝගෙන තුවක්කුව අර මිනිහා දිහාවට දික් කරගෙන ඉන්නවා. එක පාරටම මුරාඩ්ගේ අත වෙව්ලලා වෙව්ලලා හැමෝම නොහිතපු විදියට කොකා ගැස්සුවා...
ඒත් වාසනාවට safty lock එක පන්නන්න දැනගෙන ඉඳලා නෑ. පස්සේ අපේ එවුන් පැනලා අත් දෙක ටේප් කරලා අල්ලාගෙන ඇතුලට ගෙනාවා. පස්සේ ඒ සිද්දිය අපිට ලොකු ප්‍රශ්නයක් උනා. CO දැනගෙන වෙපන් එකේ අයිතිකාරයට පෙනල්ටි දීලා ලොකු කේස් එකක් ගියා. පස්සේ මුරාඩ්ව ඇතුලේ තියාගෙන දවසක් විතර ප්‍රශ්න කරා. ඒ වෙනකොට මුළු ගමේම නිව්ස් එක ගිහිල්ලා. මුරාඩ්ගේ අම්මා ඇතුළු මුළු ගමෙන් බාගයක්ම එතන. බලද්දී ඒ හරක් දක්කන් ආපු මිනිහා මුරාඩ්ගේ මාමා. ගෙදරට ඇවිල්ල කප්පම් ගන්නෙත්, අම්මට වද දෙන්නෙත් ඒ මිනිහාලු. මුරාඩ් හිතං ඉන්න විදියට මුරාඩ්ගේ තාත්තව මරන්න තලෙයිබාන් එකට ඔත්තු දීල තියෙන්නෙත් මෑන්ලු.

එදා වැඩේ ඒ විදියට ඉවර උනත්, එදායින් පස්සේ මුරාඩ්ට කෑම්ප් එක ඇතුලට එන්න තහනං. හැමදාම ඇවිල්ල කෑම්ප් එක එළියේ වටේ කැරකි කැරකි ඉඳලා කෑ ගහලා යනවා. අපි නං කන්න බොන්න එක එක දේවල් දුන්නා. ඒත් ඊට සතියකට විතර පස්සේ මුරාඩුයි, එයාගේ අම්මයි මරලා ගේ ඇතුලේ එල්ලලා තිබිලා ගමේ මිනිස්සුන්ට හම්බ උනා. අපේ එවුනුත් මුරාඩ්ගේ මාමව හොයාගෙන ගියත් මිනිහත් අතුරු දහන් වෙලා. එතනින් පස්සේ අපිත් එක්ක ඉන්න මුරාඩ් ආවේ නෑ. ඊට පස්සේ ඉඳන් මුළු කෑම්ප් එකම මහා මූසල පාටක් තිබ්බේ. කවුරුත් කතා කරන්නේවත් හිනා වෙන්නේ වත් නෑ. අපි එහෙන් එනකම්ම එහෙමයි.
ඒ පොඩි කොල්ලෙක් ඒ පොඩි කාලෙට අපි හැමෝගෙම හිතට නොදැනීම ඇතුල් වෙලා ලොකු වෙනසක් කළා. ඇත්තටම දැන් ඒ ගැන හිතුවමත් පුදුමයි. මුරාඩ් වගේ අයට අපි වගේ හැමදාම යන එන මිනිස්සුන්ගේ නං හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ වෙනසක් තේරෙන්නේ නැතුව ඇති. ඒත් මුරාඩ් නං අපි හැමෝගෙම හිත්වල හැමදාමත් කැරකි කැරකි හිනා වෙවී ඉන්න සුන්දර මතකයක් වෙයි.....
ප.ලි- Mian Poshteh වල තව පින්තූර බලන්න මෙතන ක්ලික් කරලා..

lassana kathawak machan... uba liyana hama ekakma mama kiyawanawa ..keep up the good work machan
ReplyDeleteela ela...!! :)
Delete