සෝ කෙටියෙන් කිව්වොත් MREs තියෙන්නේ අපි combat හෝ non-combat missions වලට එලියට ගියාම බඩ පුරවගන්න. ඉතින් මේක ඩිසයින් කරලා තියෙන්නේ ඇතුලේ කොච්චර කෑම තිබ්බත් බර අඩු වෙන්න, waterproof, shockproof වෙන්න (සමහර වෙලාවට යුද්දේ කාලේදී planes වලින් පෙට්ටි පිටින් දාගෙන යද්දී parachute එක නැතුව වැටුනත් අවුලක් වෙන්නේ නෑ), වගේම කල් තියාගන්න පුළුවන් විදියට ( අවුරුදු 3- 15ක් විතර වෙනකන්). අවුරුදු 15ක් කිව්වට MRE එක ඇතුලේ තියෙන සමහර ඒවා ඊට කලින් expire වෙනවා ඇති. ඒත් main meal එක අවුලක් නැතුව තියෙනවා.
ඉතින් මොන සෙල්ලම් දාලා, ඩිසයින් කරලා හැදුවත් මෙලෝම රහක් නෑ. උන් නං කියන්නේ "These aren't made to taste good, these are made to keep you alive" කියලා. ඉතින් අපිට කියන්න තියෙන්නේ "ආච්චිගේ සිල් රෙද්ද" කියලා තමයි. ඉතින් පුළුවන් විදියට ෆොටෝස් අරන් එකින් එකට යටින් විස්තරයක් එක්ක දැම්මා (Tab එකේ කැමරා එකෙන් ගත්තේ. ඒකයි ටිකක් අවුල්). ඉතුරු විස්තර ටික google කරලා හොයා ගනිල්ලා.
සාමාන්‍යයෙන් MREs වර්ග දෙක තුනක් තියෙනවා...
සාමාන්‍ය MRE එක - එකෙත් red meat (Beef, Pork, Lamb වගේ), poultry (Chicken, turkey, duck වගේ) vegitarian (Vvegitable sausage, lasagna, bean rice) වගේ තෝරගන්න පුළුවන්.
Halal MRE එක - මේක සාමාන්‍යයෙන් Middle east හරි වෙන මුස්ලිම් මිනිස්සු ඉන්න රටකදී තමයි ඕන වෙන්නෙ. අපිට කන්න නෙමෙයි. අපිත් එක්ක missions වලට එකතු වෙන මුස්ලිම් එවුන්ට දෙන්න. Military නැත්තංtranslatorsලා, තව අනාත වෙච්ච මිනිස්සුන්ට දෙන්න වගේ.
Humanitarian Daily Ration (HDR) - කියල එකකුත් තියෙනවා, ඔය භූමිකම්පා, ගංවතුර වගේ සීන් වලදී මිනිස්සුන්ට දෙන.
තව පයිලට්ස්ලට දෙන ඒවා, ළමයින්ට දෙන ඒවා වගේ එක එක ඒවා තියෙනවලු. මම වැඩිය දැකලා නෑ ඒවා.
ඔය 18, 22 කියල ගහල තියෙන්නේ menu නම්බර් එක. ඉතින් කැමති එකක් තියෙනවා නං නම්බර් එක මතක තියාගෙන හිටියම ගන්න ලේසියි. සාමාන්‍යයෙන් Asian stlye menus තමයි හොඳම. දැන් කොහොමත් අවුරුදු ගානක් තිස්සේ කාලා කාලම ඔක්කොම කට පාඩම්. හැබැයි යුද්දේ වෙලාවට ඕවා තෝර තෝර ඉන්නේ නෑ. පෙට්ටියට අත දැම්මා, අහුවෙන එක ගත්තා.
ඉතින් කන්න කලින් හැමෝම කරන්නේ අනිත් එවුන්ට හම්බ උනේ මොකද්ද කියලා අහලා හිතින් ඉරිසියා කරන එක. එත් දැන් නං මොකක් දැක්කත් අප්පිරියයි.
MRE එකක් අරින්න මේ ත්‍රිකෝණයක් වගේ තියෙන තැනින් ඇදලා අරින්න පුළුවන්. ඒත් field එකේ ඉන්නකොට දාඩියත් එක්ක ඕක අරින එක කරන්න අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්. ඒ වෙලාවට ඉතින් 'ටක්' ගාලා පිහිය ගත්තා, 'ටික්' ගාලා ඇන්නා, 'ටුක් ' ගාලා' ඇරියා.
මුලින්ම තියෙන්නේ mixtures, nuts, beef jerkeys වගේ සෙට් එකක්. එක MRE එකක ජාති 4ක් 5ක් තියෙනවා. අරින වෙලාවට දෙවියෝ බැලුවොත් Jalapeno cashews වගේ ඒවා සෙට් වෙනවා. මේ සෙට් එක තියෙන්නේ කම්මැලි වෙලාවක, වාහනේක හරි, චොපර් එක්ක යද්දී හප හප ඉන්න.
MRE එකක් ඇරියම මුලින්ම කරන්නේ හම්බ වෙලා තියෙන candies මොනාද කියල බලන එක.
කුකීස් නං වැඩි හරියක් තියෙන්නේ cinnamon, chocolate chip, oatmeal cookies වගේ ඒවා.
Candy නං - Skittles, M&Ms, Nerds වගේ. හොඳ එකක් සෙට් උනාම පට ගාලා හංග ගන්න ඕනේ. නැත්තං වටේ එවුන් කෙල පෙරනවා. විශේෂයෙන් කෙල්ලෝ. දුක කියන්නේ හම්බෙන candies හොඳයි කියන්නේ, ගොඩක් වෙලාවට main meal එක අවුල් කියන එක. ඒ නිසා මොකක් හම්බ උනත් සැලෙන්න හොඳ නෑ.
තව චෝක්ලට්ස්, fruit disks, mints වගේ ඒවත් හම්බෙනවා. ඉතින් පුංචි අපිව සතුටු කරන එක තනිකරම තියෙන්නේ වොන්කා මාමගේ අතේ...
මේක තමයි main meal එක. Pasta, macaroni, ravioli, noodles, meat balls, බත් වගේ ඒවා තමයි තියෙන්නේ. තව Tacos, tortillas සමඟ pork/beef paties වගේ ඒවත් එනවා. මෙතන දෙකක් තිබ්බට එක MRE එකක එකයි එන්නේ.
මේ දෙපැත්තේ තියෙන්නේ heaters දෙකක්. ඒක තමයි MRE එකේ තියෙන වැදගත්ම දේ. මොකද කෑම රස්නෙන් කන තරමට අප්පිරියාව අඩුයි.
මුලින්ම අර උඩම ඊතලයක් තියෙන තැනින් ඇරලා, meal එක පැක් එකත් එක්කම ඇතුලට දාලා, යටින් තියෙන ඉරි දෙකේ ලෙවල් එකට වෙනකන් වතුර දානවා. ඊට පස්සේ ටික වෙලාවකින් වතුර නට නට meal එක රත් වෙනවා. ( ඒක කරන හැටි ඊළඟ ෆොටෝ එකේ තියෙනවා)
මැද්දේ තියෙන්නේ Hot Beaverage බෑග් එක. ඒකත් උඩින් ඇරලා ziplock එක වගේ සීල් කරන්න පුළුවන්. ඉතින් ඕකට ඕන ලෙවල් එකට වතුර දාලා, කෝපි, creamer, චොක්ලට්, සීනි වගේ කළමනා ටික දාලා, ආයේ සීල් කරලා, හොඳට හොලවලා, mix කරලා, heater එකට දාලා රත් කරගෙන උණු කෝපි එකක් වගේ හදාගන්න පුළුවන්.
ප.ලි - නිකම්ම රත්වෙනවා කිව්වට නිකම්ම රත් වෙන්නේ නෑ. පොඩි මන්තරයක් තියෙනවා මතුරන්න. එතකොට තමයි රත් වෙන්නේ.
ඔය වම් පැත්තේ වගේ meal එක ඇතුලට දාලා, වතුර දාලා උඩින් නවන්න ඕනේ. ඊට පස්සේ දකුණු පැත්තේ වගේ කාඩ්බෝඩ් holder එකට දානවා. නැතුව අල්ලන්න බෑ පිච්චෙනවා. පස්සේ ඇල කරලා, ගලකට වගේ හේත්තු කරලා, විනාඩි 5ක් විතර රත් වෙන්න අරිනවා.
කාඩ්බෝඩ් holder එක එන්නේ flat විදියට. අපි අර පොඩි කාලේ වගේ කඩඉරි දිගේ නමලා අටවගන්න ඕනේ.
Meal එක ඇරියම තියෙන්නේ මෙහෙම. මේ තියෙන්නේ Beef Ravioli meal එක. කෑම මෙතන ඇරියොත් විසි කරන්න විදියක් නෑ. ඒ නිසා මේ පින්තූරය අන්තර්ජාලයෙන් ගත්තේ. මේකම ලස්සන පිඟානක දාලා, වයින් ග්ලාස් එකක් එක්ක දුන්නා නං සමහර විට රස වෙන්න තිබ්බා. ඒත් මෙහෙම පැක් එකේ කද්දී මෙලෝ රහක් නෑ. බඩ පිරුණට හිත පිරෙන්නේ නෑ.
Main meal එක රත් වෙන්න දාලා මේ සෙට් එක එලියට ගන්නවා. මෙතන තියෙනවා crackers, මොකක් හරි bread එකක් සහ maffins වගේ දෙයක්. ඒවත් එක්ක ගාගෙන කන්න peanut බටර්, චීස්/බේකන් spread එකක්, මොනා හරි ජෙලි එකක් හරි ජෑම් එකක්, තව maple සිරප් වගේ එකක්. ඉතින් ඕවා ඇඟේ හලාගෙන, අත්වල ගාගෙන කාලා, ගසලා, හෝදලා, පිහදාලා එද්දී main meal එක රත්වෙලා.
Maple syrup එහෙම අනිවාරෙන් අතේ ගෑවෙනවා. ඊට පස්සේ මල පනිනවා ඇලෙද්දී. මට ඕන ජරාවක් අතේ ගාගෙන ඉන්න පුළුවන් ඒක ඇරෙන්න.
මේ තියෙන්නේ dessert එක. දෙවනියට ආසාවෙන් බලන දේ. මේකේ නං ලොකු අවුලක් නෑ. වැඩියෙන්ම හම්බෙන්නේ chocolate/ vanilla/ butterscotch පුඩිං, dark cherry/ blueberry cobbler, මොනාහරි සිරප් එකක් එක්ක පලතුරු වගේ ඒවා. මේක නං ඕන කෙනෙක් අවුලක් නැතුව කනවා.
මේ තියෙන්නේ MRE එක ඇතුලේ බොන්න තියෙන දේවල්.
වම් පැත්තෙන් පටන් ගත්තොත්. Flavored drink එකක්. වතුර බෝතලේ කැඩුවා, උගුරු දෙකක් බිව්වා, මේ පැකට් එක කඩලා දැම්මා, හෙලෙව්වා, බිව්වා. මේක තියෙන්නේ රස කර කර ඉන්න නෙමෙයි. මේක නිකන් ජීවනී වගේ ඇඟට ඕන salts දෙන්න හදලා තියෙන්නේ. මගේ ආසම flavors දෙක tropical punch එකයි grape එකයි.
දකුණු පැත්තේ තියෙන්නේ ලොකුවට තියෙන්නේ milkshake වගේ එකක්. එකෙත් උඩ ඇරලා, වතුර දාලා, සීල් කරලා, පණ යනකන් හොලවලා, cooler එකේ හරි heater එකේ දාලා ඕන විදියට බොන්න පුළුවන්. එකම අවුල මේක කොච්චර තදට හෙලෙව්වත්, හොඳම ටික අඩියේ ඉතුරු වෙනවා.
ඊළඟ පේලියේ තියෙන්නේ instant coffee එකක්. තව cappuccino, chocolate mocha වගේ තියෙනවා. මේක type 2. සාමාන්‍යයෙන් type 3 drinks තමයි හොඳම සහ රසම. එකත් හම්බෙන්නේ දෙවියෝ බැලුවොත් තමයි. ඔය උඩම තියෙන්නේ type 1 drinks දෙකක්. යට තියෙන lemonade එක වගේ දිගට තියෙන්නේ type 3 ඒවා. ඒත් මේක නං type 1.
සුදුපාට පැකට් එකත් plain dark coffee. දුම් පානය සඳහා idealම භාන්ඩේ.
ඉතුරු දෙක සීනියි, creamer එකයි. මේ දෙක තමන්ට කැමති විදියට පාවිච්චි කරලා ඔබේ කෝපි එක රසවත් කරගන්න පුළුවන්. ඒත් නයිට් එකක් අදින්න වගේ උනාම කරන්නේ ඔය, කෝපි ගෑවිලාවත් තියෙන පැකට්ස් ඔක්කොම අරගෙන එකට දාලා කසායක් හදලා ගහනවා. ආයේ දවස් දෙක තුනකට නින්ද යන්නේ නෑ.
අන්තිමට පොඩි පැක් එකක මේ වගේ ගජමැටික්ස් ටිකක් තියෙනවා. මුල ඉඳන් පටන් ගත්තොත්...
පළවෙනියට තියෙන්නේ පොඩි napkins හෝ toilet papers රෝලක්. ඒක මොකටද කියන්න ඕන නෑනේ.
දෙවනියට wet towels. කලින් කිව්වා වගේ maple සිරප් එහෙම අතේ ගෑවුනාම පිහිට වෙන්නේ මේක තමයි.
ඊට පස්සේ ketchup, pepper sauce, hot sauce තියෙනවා. Meal එක අනූව තව mustard cream, mayonnaise වගේ තියෙනවා.
කහ පාට චූටි පැකට් එක sweetner එකක්. ඒක තියෙන්නේ moddeling කරන කෙල්ලොන්ටයි, ඩයබීටීක් කාරයොන්ටයි.
දෙවැනි පේලියේ මුල ලුණු සහ ගම්මිරිස්.
දෙවනියට තියෙන්නේ චුවින්ගම් වර්ග දෙකක්. ඉපැරණි පුස්කොල පොත්වල සඳහන් වෙන විදියට සුදු පාට පැකට් එකේ එන්නේ බඩ වේලන gum එක ( field එකේ firefight එකක් අස්සේ BK චාජ් උනොත් බඩුම තමයිනෙ). රතු පාට එකේ එන්නේ තද වෙච්ච ඒවා බුරුල් කරන gum එක ( වෙල් ඉපනැල්ලේ, කොට්ටම්බා ගහක් යට, හීතල හුළඟ වැදී වැදී නිස්කලංකේ ඉන්න වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්).
යටම පේලියේ මුල ගිනි පෙට්ටිය සහ ගිනි කූරු. ඊට පස්සේ හැම දේටම ඕන වෙන හැන්ද.
Iraq වගේ ඉන්න කාලේ හම්බ වෙච්ච MREs වල පොඩි කුප්පියක් ආවා chemical water purifier කියලා. කාණුවකින් උනත් වතුර අරන් බින්දු දෙක තුනක් දාලා පැය බාගයක් විතර තිබ්බම, බොන්න පුළුවන් වෙන තරමට පිරිසිඳු වෙනවා.
අන්තිමට යට කොනේ තියෙන්නේ මගේ trademark එක. මේක ටයිප් කරන්නේ ICU එකේ computer එකෙන් නිසා, photoshop මොකුත් නැති නිසා, watermarks වගේ තොරොම්බල් දාන්න විදියක් නෑ. ඉතින් දුප්පත් විදියට කොලේක ලියලා දැම්මා.
MRE එක හරියට පිළිවෙලට පාවිච්චි කරන එකත් art එකක්. අලුතෙන් ආපු එකෙක් කරන දේ තමයි MRE එකක් ගත්තම කෑම, බීම, ගජමැටික්ස් ඔක්කොම එලියට අදින එක. ඊට පස්සේ බඩු වට්ටගෙන මඩ ගාගෙන, නාගන්නවා. ඉතින් කාලෙත් එක්ක, කන්නේ කොහොමද, බොන්නේ කොහොමද, එලියට ගන්න ඕනේ මොනාද, ගන්න පිළිවෙල මොකද්ද කියලා මීටර් වෙනවා.
උදාහරනෙකට සමහරු පාන්, බිස්කට් ඔක්කොම කාලා ඉවර වෙලා තමයි meal එක රත් වෙන්න දාන්නේ. ඊට පස්සේ ඔහේ උඩ බලාගෙන ඉන්න වෙනවා රත් වෙනකන්. ඉතින් මමත් මේ අවුරුදු ගානක් තිස්සේ study කරලා ඉගෙනගත්ත ශිල්පය තමයි මම මේ පෝස්ට් එකකින් ඔයාලට දෙන්නේ. ඒ නිසා කවදාහරි MRE එකක් පාවිච්චි කරන්න උනොත්, දැකපු ගමන් රතු පාට චුවින්ගම් එක නං කටේ ඔබා ගන්න එපා පුතේ.
එහෙනං අපි ගියා! ගුඩ් නයිට්! ජය!
ලුතිනන් කෙට්ටු උපාලිගේ තවත් ප්‍රජා සත්කාරයක්!!
No comments:
Post a Comment