ඉතින් දරුවනේ ඊයේ අපි නෑම ගැන කතා කළා වගේ අද අපි කතා කරන්න යන්නේ නැවේ කෑම ගැන. එහෙම කිව්වට ඉතින් නැවේ කෑම ගැනත් කතා කරලා වැඩක් නෑ. ඒත් අපිට කන්න දෙන්න මුන් කන කට්ට දැක්කම මොකුත් කියන්නත් බෑ. අනික මාස 6ක් ගෙදර ඉඳලා, අම්මගේ චිකන් හොදි වලටයි, සම්බෝල වලටයි හුරු වෙලා එක පාරට මේවා කන්න සෙට් උනාම කොහොමත් එපා වෙනවා.
ඉතින් මෙහෙමයි. නැවට කෑම එන්නේ කොහොමද කිව්වොත්, බඩු එන්නේ තවත් නැවකින්. ඊට පස්සේ helos වලින් ඒකෙන් මේකට airlift කරනවා. ඊට පස්සේ තඩි freezers වල දාගෙන තියාගෙන, උයලා අපිට කවනවා. ඒ ගැන නං මම දන්නේ එච්චරයි.
සුපුරුදු විදියට ඉතින් උදේ කෑම අරින්නේ උදේ 5:30 ඉඳන් 7:00 වෙනකන්. Brunch එක 10:30 ඉඳන් 12:00 වෙනකන්. Dinner එක 16:30 ඉඳන් 18:00 වෙනකන්. Missions වලට යන අයට තියෙන දෙයක් කලින් කන්න පුළුවන්. නැත්තන් වෙන වෙලාවක ගියොත් තියෙන්නේ ජූස් සෙට් එකයි, කිරියි, coffee වගේ සෙට් එකයි, ඇපල් ගෙඩි ටිකකුයි, pop tartsඋයි විතරයි.
ඉතුරු විස්තර පින්තූර එක්ක ඇති.
ඉතින් හැමතැනම වගේ mess එක තියෙන්නේ එකම විදියට. ප්ලේට් එකයි, ට්‍රේ එකයි, සුප් bawl එකයි ගත්තා. පෝලිමේ ගිහින් මේ විදියට සුප් එකයි, meal එකයි ඉල්ල ගත්තා. Thank you so much කියලා ආවා.
උදේට නං එහා පැත්තේ ඔම්ලට්ස් හදන එකා ඉන්නවා. ඌට කියලා ඕන විදියට කළමනා ටික දාලා, ඔම්ලට් එක දාගන්න පුළුවන්. නැත්තන් සෙනසුරාදා රෑට ඌ pizza දානවා.
ගොඩක් වෙලාවට සුප් එක නං බොන්න බෑ. ගංවතුර වගේ. ඒ නිසා මම ගන්නෙත් නෑ. අනිත් ඒවා නං අවුලක් නෑ.
ප.ලි- මේ photo එකට මෙහෙම උඩ මල් ගහලා decorate කරලා තිබ්බට, ඇත්තට ඒවා නෑ.
ඊට පස්සේ මෙතනට එනවා. අර ඈතම උසට තියෙන්නේ water/ice dispenser එක. ඊට පස්සේ juice මැෂින් එක. ඒකෙ ජාති 5ක් විතර තියෙනවා. ඊට මෙහා පැත්තේ කිරි dispenser එක.
යට තට්ටුවේ එහා bawl එකක තියෙන්නේ salad එක. ඊට පස්සේ චූටි කොටු වල bread crumps, olives, bell pepper, tuna, mushrooms, චීස්, කූනිස්සෝ වගේ සෙට් එකක් තියෙනවා අපිට ඕන විදියට salad එක හදාගන්න. ඊට මෙහා බෝතල් වල mayonnaise ජාති ටික තියෙනවා.
මෙහා කොනේ දොඩම්/ලෙමන්, grapes, ජෑම් සෙට් එක, peanut butter සෙට් එක.
උඩ තට්ටුවේ පලතුරු. පලතුරු කිව්වට පලතුරු + පනුවෝ. ගොඩක් වෙලාවට ඇපල් කද්දී, පනුවව දකිද්දී උගේ ඉතුරු වෙලා තියෙන්නේ බාගයයි.
මේ තියෙන්නේ Salad bar එක.
මම photos එක ගන්න කලින් ගිය නිසා desserts දාලා තිබ්බේ නෑ. නැත්තං මේ විදියට jello, puddings වගේ දෙයක් තියෙනවා.
මේ mess එකේ එක පැත්තක්. මම ගිය වෙලාවේ වැඩිය කවුරුත් හිටියේ නෑ. නැත්තං මෙතන ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ. අපි ඉතින් game එකක් බලන්න හරි, news බලන්න හරි, මොනාහරි කකා පාඩම් කරන්න එන්නේ මෙතෙන්ට.
අහ්! ඔය දකුණු පැත්තේ මේසයක් වගේ තියෙන තැන තමයි තේ, sweetners ටික, creamers ටික සහ microwaves සෙට් එක තියෙන්නේ.
ඈත පේන්නේ mess එකේ අනිත් පැත්ත. ඒ පැත්තේ 500කට විතර වාඩිවෙන්න පුළුවන්.
මේ නැවේ මහ ලොකු මිලියන ගානක state of the art equipments කියල තිබුනට අර දකුණු පැත්තේ තියෙන මෂීන්ස් 4 තමයි මේ නැවේ තියෙන හොඳම මෂීන්ස් හතර. පලවෙනි එක espresso, mocha, latte, cappucino, americano මෂීන් එක.
දෙවනියට popcorn. ඉතුරු දෙක ice cream.
පාඩම් කරන්න කියලා ගිහින් movies බලන අපි වගේ ළමයින්ට පිහිට වෙන්න තමයි තමයි මේ සෙට් එක තියෙන්නේ.
ඉතින් මේ තියෙන්නේ මෙහෙ ටිපිකල් breakfast එකක්. මම නං නිකං ඉන්න දවසට උදේට කන්නේ පලතුරු විතරයි.
මේ තියෙන්නේ සුප් එක. ඕක ගැන තමයි මම කලින් කිව්වේ..
මේ තියෙන්නේ මම කන විදියේ සිම්පල් brunch එකක්.
මේ තියෙන්නේ මම කන විදියේ ටිපිකල් ඩිනර් එකක්. මේක ගත්ත වෙලාවෙත් බත් අස්සේ තිබිලා තඩි ලුණු ගුලියක් අහු උනා.
අර උඩ දකුණු පැත්තේ කොනේ තියෙන්නේ මගේ කැමතිම dessert එක chocolate brownies. Brownies කිව්වට ඉතින් නිකං ඤානකතා වගේ. ඒත් ice cream පොඩ්ඩක් උඩින් දාගත්තම නං අවුලක් නෑ.
සමහර දවස්වලට expire වෙන්න ලං වෙච්ච චිප්ස් හරි cheetos හරි හම්බෙනවා.
මේ තියෙන්නේ saturday dinner එකක්. හැම සෙනසුරාදාම dinner එකයි ඉරිදා brunch එකයි සාමාන්‍යයෙන් හොඳයි.
ඒ කාලත් කාලත් බඩගිනි නං, වටේ vending machines තියෙනවා. ඕන වෙලාවක ගිහින් පඬුරු දාලා ගන්න පුළුවන්.
මම USMC enlist උනේ අවුරුදු 19දී. දැනට අවුරුදු 10ක් යුනිෆෝම් එක ඇඳලා තියෙනවා. මේ අවුරුදු 10 ඇතුලත අපේ අම්මලා, නංගිලා, හිටපු කෙල්ලෝ, ඇන්ටිලා, සීයලා අනන්තවත් මම කන බොන ඒවා, ඉන්න තැන් වල ෆොටෝස් ඉල්ලලා ඇති. ඒත් කවදාවත් හරියට ෆොටෝ එකක් යවලා නෑ.
ඒත් බොලාට මේවා පෙන්නන්න පාන්දර නැගිටලා, නාලා, හෙන කට්ටක් කාලා, බඩ ගගා, වැටි වැටි, නොන්ඩි වෙවී තඩි tab එකෙන් පින්තූර අරන් මේ දාන්නේ.
ඒ නිසා බුලත් අතකුයි, මොණරා කොලේකුයි අරන් පෝලිමට ඇවිත් ඉඹලා, හරහට වැඳලා පලයන්. ජය ශ්‍රී!!
ඒත් බොලාට මේවා පෙන්නන්න පාන්දර නැගිටලා, නාලා, හෙන කට්ටක් කාලා, බඩ ගගා, වැටි වැටි, නොන්ඩි වෙවී තඩි tab එකෙන් පින්තූර අරන් මේ දාන්නේ.
ඒ නිසා බුලත් අතකුයි, මොණරා කොලේකුයි අරන් පෝලිමට ඇවිත් ඉඹලා, හරහට වැඳලා පලයන්. ජය ශ්‍රී!!













No comments:
Post a Comment